(යාවත්කාලීන කිරීම බ්‍රහස්පතින්දා(09) පෙරවරු 6.40)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2094 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද (08) දිනය තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
අද දිනයේ දී වාර්තා වූ රෝගීන් 13 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ. ඔවුන්ගෙන් එක් අයෙකු පිලිපීනයේ සිට මෙරටට පැමිණි පිලිපීන ජාතිකයෙකු වේ. තවත් 9 දෙනෙකු සෞදි අරාබියේ රියාද් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වේ. අනෙක් පුද්ගලයා වෙළඳ නාවිකයෙකු වේ.
එමෙන්ම, අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව තවත් ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 1967 දෙනෙකු සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 116ක් වේ. තවත් පුද්ගලයින් 56 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 11කි.
