ඩීසල් සහනාධාරයක් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලබන ඉරිදා (12) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ වෘත්තීය සමිති පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, මෙම වැඩ වර්ජනය සඳහා තම සංගමය ද සහය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.
