Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සඳහා කහ වර්ණය අනිවාර්ය කරයි

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කහ වර්ණය භාවිත කිරීම තුළින් අනෙකුත් වාහනවල රියැදුරන්ට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ පහසුවෙන් හඳුනාගත හැකි බවයි.

එම නිසා එම වාහනවලට ඉදිරියට යාමට ප්‍රමුඛතාවය ලැබෙන බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳව ඊයේ (07) පස්වරුවේ පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමඟ තමන් මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබූ බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

Giraya News Alerts

දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවත් ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නා.

මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම කාරණය හේතුවන අතර පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ කහ වර්ණ ගැන්වීමේ දී දැනට භාවිතා කරන වෙනත් වර්ණයන්ගෙන් යුත් වෑන් රථ කහ වර්ණය ආලේප කිරීමටත්, ඉදිරියේ දී පාැසල් සිසු දරුවන් ප්‍රවාහණයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මීට අමතරව දැනට විවිධ අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන පාසැල් සිසු ප්‍රවාහණ වෑන් රථ සේවාව සඳහා යම් යම් සහන ලබා දීමටත් පියවර ගන්නා බවද මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top