Advertise with Giraya
POLITICS

රටට හිතැති ව්‍යවස්ථාවක් හදන්න පැහැදිලි බලයක් පොහොට්ටුවට දෙන්න – බැසිල් රාජපක්ෂ

රටට හිතැති නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හිටපු අමාත්‍යවරයා මෙම ඉල්ලිම සිදු කළේ අද (08) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

එසේම, විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර ඍජුව කටයුතු කිරීම සඳහා තනි බලයක් සහිත ජනවරමක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැති වුවහොත් “අරයා ඉල්ලුවොත් එක කෑල්ලක් දාන්න, මෙයා ඉල්ලුවොත් තව කෑල්ලක් දාන්න” විය හැකි තත්වයක් උදාවන බවයි.

Giraya News Alerts

එසේ ව්‍යවස්ථාවට සකස් කිරීමට ගොස් එක් එක් පාර්ශවවල අතකොළු හෝ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වීමට සිදුවුවහොත් එය රටට අගතියක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එබැවින් ඒ සඳහා පැහැදිලි බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ ඉල්ලා සිටියි.

තවද, ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

එසේම, මේ වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමක් සිදු නොවන බවත් නොවැම්බර් මාසයේ දී 2021 වර්ෂය සඳහා රජයේ මංගල අයවැය ඉදිරිපත් කරන බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top