ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයත් සමඟ මාස 03කට අධික කාලයක් තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ අද (08) සිට ආරම්භ වනවා.
ඒ අනුව සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සදම්ප්ටන්හිදී අද (08) ආරම්භ වීමට නියමිතයි.
කොරෝනා වසංගතය හේතුවෙන් තරඟ නැවැත් වූ පසුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ පැවැත්වෙන පළමු තරඟය ද මෙය වනවා. තරඟ 03 කින් සමන්විත මෙම තරගාවලිය ආරම්භවීමට පෙර කොදෙව් කී‍්‍රඩකයින් දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ද යොමු කෙරුණා. මෙම ටෙස්ට් තරගාවලියට ජෝ රූට් සහභාගී නොවන බැවින් බෙන් ස්ටොක් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.
මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි. ඒ අනුව මිනිස් ඛේටය යොදාගෙන පන්දුව පිරිමැදීම ද තහනම් වනු ඇති. කෙසේ වෙතත්, දහදිය යොදාගෙන පන්දුව පිරිනැමීම සඳහා අවසර හිමිවනවා.
