Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රෝහල්ගතව ප්‍රතිකාර ගන්නේ නාවිකයින් 13ක් පමණයි

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

දින 11කට පසුව ඊයේ (07) දිනයේ දී ද නාවික හමුදාවෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 905ක් වේ.

එමෙන්ම, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 13ක් පමණක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top