මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කරන තවත් නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම ප්‍රදේශයේදී පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කරනවා. මේ වන විට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කළ නිලධාරින් 17 දෙනෙක් සහ සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබාගත් පැය 72 ක රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියි.
