වැලිකඩ බන්ධනාගාරයේ රැඳවින් 310 දෙනෙකු ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති නමුත් ඒ කිසිවෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ඔහු පවසයි.
එමෙන්ම, ඊයේ (07) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානි හි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ බන්ධනාගාර නිලධාරින් මඟින් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණී අයෙකු බැවින් ඊයේ රාත්‍රියේ සිට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානේ සිටින සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කළ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
පසුගිය අප්‍රේල් 30 වනදා වන විට සමාජයෙන් කොවිඩ් නයින්යීන් ආසාදිතයින් තුරන් කිරිමට හැකි වුවද රට තුළ තවදුරටත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිටින බැවින් වෛරස ව්‍යාප්තිය වැළැක්විම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කටයුතු කරන ලෙස ද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවට දැනුම් දෙයි.
