කොරෝනා වසංගත තත්ත්වය ඉතාමත් සුළු කොට තකමින් මුඛ ආවරණ පැළඳීම පවා ප්‍රතික්ෂේප විවිධ විවෙචනයන් එල්ල වූ බ්‍රසීලයේ ජනාධිපති ජෙය් බුල්සනාරෝ හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහු එරට මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් තමන්ට කෝවිඩ් – 19 වැළඳී ඇති බවට පවසා ඇති අතර එම අවස්ථාවේදී ඔහු මුඛ ආවරණයක් ද පැළඳ සිට ඇත. රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සිදු කරන ලද 4 වැනි පරීක්ෂණයේ දී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත.
කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ ඔහුට පසුගිය දා එරට අධිකරණය විසින් මුඛ ආවරණය පැළැඳ ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණෙන ලෙස නියෝගයක් ද ලබා දී තිබුණි. එමෙන්ම, ඔහු මීට පෙර පවසා තිබුනේ ‘පොඩි උණක් නිසා තමන් නොනවතින’ බවයි.
ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට බ්‍රසීලයෙන් මිලියන 1.6ක් ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන අතර පුද්ගලයින් 65,000ක් පමණ මරණයට පත් වී ඇත.
