Advertise with Giraya
NEWS

පාලිත තෙවරප්පෙරුමට මතුගම පොලීසියෙන් හිරිහැර, මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙන බවත් කියයි

මියගිය තම පුතනුවන්ගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳව තල්ලු කිරීම නිසා ඇය මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එමෙන්ම, පාලිත තෙවරප්පෙරුම විසින් මේ පිළිබඳව කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී වරයාට අද (07) උදෑසන පැමිණිල්ලක් කිරීමට පැමිණි බව එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම කළුතර පොලිස් අධිකාරී කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

තවද, එම අවස්ථාවේ දී, අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම පැවසුවේ මෙම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන් ගෙන් හිරිහැර සිදුවන බවයි. ඒ හේතුවෙන්, තම බිරිඳ සහ පුතණුවන් එම හිරිහැර නිසා පීඩාවට පත්ව සිටින බවත් මේ සියලු හිරිහැර සිදුවන්නේ තමා දේශපාලනයේ නිරතවීම හේතුවෙන් බවත් පැවසීය. එම නිසා ඔවුන්ගේ ජීවිත වල වටිනා කම තේරුම් ගනිමින් තමන් දේශපාලනයෙන් ඉවත්වී දරුවා සහ බිරිඳ බලාගෙන ජීවත් වන බව ද පැවසීය.

මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස් වරයා හමුවී සාකච්චා කරන බවත් ,තමාට කිසි දිනක එක්සත් ජාතික පක්‍ෂය සමඟ ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එමෙන්ම, තමන්ට සිදුවන මේ ගැහැට වලට හේතුව ‘සමගි ජන බලවේගය’ යැයි තමන්ට සිතෙන බවත් අද (07) උදැසන තමන් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා හමුවූ බවද පැවසීය. තමන් මෙම තීරණයට එළඹුනේ ඒ අනුව බව ද තමා එක්සත් ජාතික පක්‍ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කිසිම කලකිරීමක් නිසා මෙම තීරණය නොගත් බවද වැඩිදුරටත් පැවසීය.

තම පුතුගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට 06 වනදා රාත්‍රියේ පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන්ගේ තල්ලු කිරීමට ලක්ව තම බිරිඳ නාගොඩ රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමට කළුතර පොලිස් අධිකාරී වරයා වෙත පැමිණ පැමිණිල්ලක් දැමු බවද ඔහු එම අවස්ථාවේ දී වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top