ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රමාණය අද (07) දිනයේ 1955 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (07) පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 38 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
මේ අතර, අද (07) දහවල් 12.00 වන විට තවත් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු වේ. එම රෝගියා වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 2078ක් ලෙස වාර්තා විය.
එමෙන්ම, ඊයේ (06) දිනයේ දී එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු වේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2078 ක ප්‍රමාණයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 94%ක් ලෙස ද, සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 5%ක් ලෙස ද, ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.52%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එනම් මාස මැයි මාසයේ සහ ජුනි මාසයේ දී බාහිර සමාජයෙන් රෝගින් වාර්තා වී නොමැත.
දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 904 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 888 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 16කි.
වාර්තා වූ රෝගීන්ගෙන් 786 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි ලාංකිකයින් වේ. එම පුද්ගලයින් අතරින් 730 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 77 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 15 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 114,765ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.
මේ මාසයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සහ වාර්තා වී ඇති රෝගීන් ගණන පහතින් දැක්වේ.
- ජුලි 01 – 1,296 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 07
- ජුලි 02 – 1,399 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- ජුලි 03 – 1,519 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
- ජුලි 04 – 852 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 05
- ජුලි 05 – 599 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුලි 06 – 1290 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (07) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 111 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 12ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 36 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 00 ක් ද,
- ඉරණවිල රෝහලේ 07ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 27ක් ද,
- හෝමාගම රෝහලේ 01ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 18ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 02ක් ද,
- යුද හමුදා රෝහලේ 05ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 35 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
