යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පසුගියදා (05 )රාතී‍්‍ර කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ ‘කළුකොටි දිනය’ සැමරීමේ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය කි‍්‍රයාත්මකව පැවති වකවානුව තුළ ජුලි 05 වැනිදා එම සංවිධානය විසින් ‘කළුකොටි දිනය’ වශයෙන් නම් කොට තිබේ. ඒ අනුව එම ත‍්‍රස්ත සංවිධානය ක‍්‍රියාත්මක වූ වකවානුව තුළ සෑම වසරකම මෙම දිනය සැමරීම සිදු කොට තිබේ.
කොටි සංවිධානයේ සිටි ත‍්‍රස්තවාදියකු 1987 වසරේ ජුලි මස 05 වැනිදා මිය ගොස් ඇති අතර එම ත‍්‍රස්තවාදියා සැමරීම සඳහා එවකට කොටි සංවිධානය විසින් මෙම සැමරුම් උත්සවය පවත්වා එදින ‘කළුකොටි දිනය’ වශයෙන් නම් කොට තිබේ.
ඒ අනුව මෙරට තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන කොටි සංවිධානයේ මෙම කළුකොටි දිනය’ වෙනුවෙන් උත්සව සංවිධානය කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක් විසින් එම දිනය සමරා තිබෙන බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල සිසුන් මෙහිදී මියගිය කළුකොටි සාමාජික සාමාජිකාවන්ගේ ඡායාරූපවලට ඉටිපන්දම් දල්වා මල් තබමින් මියගිය පිරිස සිහිපත් කොට ඇත.
