Update at 1.09 PM
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කරන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන එම කාර්යාංශයේ රාජකාරි කරනු ලැබූ පොලිස් පරීක්ෂකවරයා පොලීසියට භාර වී තිබෙනවා.
පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමති එම නිලධාරියා කඩවත පොලිසියට භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කරයි.
මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
_____________________________________________________________________________
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සැකකරු වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමැති අංක 189 කිරිකත්ත වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුචු 49ක තැනැත්තෙක්.
සැකකරුගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර සැකකරු ගැන තොරතුරක් දන්නේ නම් 071 859 1767 හෝ 0112 422 176 අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

