Advertise with Giraya
NEWS

රෝහල්ගතව ප්‍රතිකාර ගන්නේ තවත් නාවිකයින් 16ක් පමණයි

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 888ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර ප්‍රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

ඊයේ (06) දිනයේ දී ද නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.

ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 16ක් පමණක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top