මංගල උත්සව සඳහා පෙර පැවති සහභාගි වන පිරිසෙහි සීමාව ඉහළ නැංවීම පිළිබඳව දැනුම් දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උත්සව ශාලාවේ ආසන ධාරිතාවටයන් 50%ක පිරිස හෝ උපරිම 300ය යන දෙකෙන් (දෙවන මනමාලයා/ දෙවන මනමාලිය ඇතුළු කණ්ඩායම, සංගිත කණ්ඩායම සහ වෙනත් ශිල්පීන් ඇතුළුව) අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සඳහා සහභාගී වීමට 2020 ජුලි 06 වන දින සිට අවසර ලබා දෙන බව සඳහන් කරයි.
එසේම, මංගල උත්සවයට සහභාගිවන පිරිස පුද්ගල දුරස්ථභානය පවත්වා ගැනීමට කටයුතු කළ යුතු අතර උත්සව ශාලා සඳහා මීට පෙර ලබා දුන් උපදෙස් ද අදාළ වේ.
