Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දේශන පහසුව තකා විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ට කොළඹ මහල් නිවාස සංකීරණයක් ඉදිකරයි

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට දේශන පැවැත්වීමේ පහසුව සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ය.

ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස සින්නක්කරව මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

Giraya News Alerts

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා, ‘ විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල දරුවන්ට වගේම ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ කොළඹ නගරයේ අවට තමන්ට නිවසක් නැහැ. බැහැර ප්‍රදේශවල ඉඳන් පැය ගණන් වාහන තදබදයට හසුවෙමින් තමයි දේශනය සඳහා ඔවුන් පැමිණෙන්නේ.

දැන් කැළණිය, කොළඹ, ජයවර්ධනපුර, මොරටුව, සෞන්දර්යය කියන මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු දහස් ගාණක් ඉන්නවා. ඔවුන්ට නිවාස නෑ. ඒ නිවාස හිඟය උග්‍ර ප්‍රශ්නයක්. ඒ නිසා අපි අද උදෙත්, මහාචාර්යතුමත් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, මමත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමාත් සාකච්ඡාවක් පැවැත්වූවා.

අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට සින්නක්කර මිලදී ගත හැකි වන පරිද්දෙන් රජය මඟින් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන්න, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ. ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් තමයි මාර්ග සියල්ල සංවර්ධනය වෙලා ආරම්භ වෙන්නේ.

එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළදී පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස තනලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමත්‍යතුමාත් උපදෙස් දීලා තිබුණා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නිවාස ප්‍රශ්නයට නාගරික සංවර්ධන අධිකාරියෙන් යම් කිසි මැදිහත් වීමක් කරන්න කියලා” යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top