Advertise with Giraya
NEWS

අගමැති හැදුවේ මාව නටවන්නයි, මම මට ඕන විදියට එයාව නැටෙව්වා – මෛත්‍රීපාල සිරිසේන

මෙවර මහමැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කළුතර හා වාද්දුව ප්‍රාදේශවල පැවැති ජනහමුවලට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එමෙන්ම, තමන් ජනාධිපතිවරයාව සිටි සමයේ අගමැතිවරයාට අවශ්‍ය විදියට තමන්ව පාලනය කිරීමට උත්සාහ කළ නමුත් එය කිරීමට නොහැකි වූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එහිදී, ඔහු ” මම ජනාධිපති ධූරය දරපු අවුරුදු පහකට ආසන්න කාලයක් මම ඒ අමිහිරි අත්දැකීම ලැබුව නිසායි මම මෙහෙම කියන්නේ. මම අගමැති රනිල් සමඟත් යහපත් අයහපත් මතවාද ප්‍රතිපත්ති හා යොජනා සම්බන්ධයෙන් වරින්වර ගැටුම් හා අර්බුද ඇති වූ බව රටම දන්නා නොරහසක්

Giraya News Alerts

අගමැතිවරයා හැදුවේ එයාට ඕනේ විදියට මාව නටවන්නයි. නමුත් ඒක එයාට කරන්න බැරිවුණා. මම මට ඕන විදියට එයාව නැටෙව්වා. රට තුළ ඇති වූ මේ දේශාලන අර්බුදය හමුවේ සිදුවෙන්ට ගිය මහා විනාශායන් රට ගොඩනඟන්න තමයි මං ඔක්තෝම්බර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂ රටෙි අගමැති පුටුවේ වාඩි කෙරෙව්වේ” යැයි පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top