Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

ඉල්ලන සියලුදෙනාට 4% පොලිය යටතේ ණය දෙනවා – සජිත් ප්‍රේමදාස

මහමැතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසුව ඉල්ලන සියලුමදෙනාට 4% පොලිය යටතේ ණය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (05) දිනයේ දී සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා සංවිධානය කළ හෝකන්දර පැවති ජනහමුවකට එක්වෙමින් ය. එමෙන්ම, පවතින රජය රටට සේවයක් කිරීමට නොහැකි දුර්වල රජයක් බවත් ඔහු සඳහන් කළා.

එහිදී, අදහස් දැක්වූ ඔහු, “රටට තිබෙන්නේ ඉතාමත් දුර්වල නායකත්වයක්. දුර්වල රජයක්. අසාර්ථක රජයක්. ජනතාවට සේවයක් කරන්නට හැකියාවක් නොමැති රජයක්. කොවිඩ් – 19 ඛේදවාචකය තුළ ඇති වී තිබෙන ආර්ථික පරිහානිය නිසා අක්‍රිය වෙලා තිබෙන ආර්ථික රටාව ගොඩනඟන්නට කිසිම නැවුම් අදහස් නොමැති රජයක්.

Giraya News Alerts

ඇඳිරි නීතිය ලිහිල් වුනා පමණයි. සීස් කරන කණ්ඩායම් ගෙවල් වලට පැන්නේ නැද්ද? වාහන ඉස්සුවේ නැද්ද? පස්වෙනිදායින් පස්සේ ජනතාව වැරදි තීන්දුවක් ගත්තොත් බලා ගන්න පුළුවන් සිදුවෙන දේ. මී මැස්සො වගේ ගෙවල් වලට එයි. එදා වේල ටුවර්ස් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නේ.

අපි වෙනමම සංවර්ධන බලකායන් හදනවා, මැතිවරණ කොට්ඨාශ මට්ටමින්. රටේ අගමැතිවරයා හැටියට හැම මැතිවරණ කොට්ඨශයකට කටයුතු අපි අධීක්ෂණය කරනවා. ලංකාවේ හැම ගමකම සිදු වන දේවල් අධීක්ෂණය කරනවා. තමුන්නාන්සේලා බය නැතිව දුරකථනය දිනවලා, සමගි ජන බලවේගයට ජනවරම ලබා දෙන්න.

අපි දිනපු හැටියේ, ආණ්ඩු පිහිටුවපු හැටියේ, මේ රටේ ඉල්ලන සියලුදෙනාට 4% සහන පොලිය යටතේ ණය දීලා ඔබලා වැටී තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්නට අපේ ආණ්ඩුව සමගි ජන බලවේග ආණ්ඩුව, දුරකථන ආණ්ඩුව මේ රටේ ජනතාවට හයිය දෙනවා” යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top