මගී ප්රවාහන බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් ‘mybuslk’ නම් වු ජංගම දුරකථන යෙදවුම හෙට දිනයේ දී ජාතික ගමනාගමන කොමිසම විසින් දියත් කිරීමට නියමිතය.
එම ජංගම දුරකථන යෙදවුම ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන නුවන් සෙනෙවිරත්න මහතා විසින් සිය මුදල් වැය කර නිර්මාණය කර ඇත.
මෙම ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන් බස් රථයක ගමන් ආරම්භය හා ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව, සහ මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා නියමිත බස් ගාස්තුව දැනගත හැකිය.
එසේම තමන් ගමන් ගත යුතු බස් රථය ඒ් මොහොතේ පවතින ස්ථානය, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව, සහ ප්රවේශපත්ර වලට ගෙවීම් කටයුතු කාඩ් පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි සියලු පහසුකම් මෙම යෙදවුමේ අන්තර්ගත වේ.
සම්බන්ධිත පුවත්
