ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ප්‍රමාණයක් සිටින රටවල් අතර තෙවැනි තැනට අසල්වැසි ඉන්දියාව පත් වී තිබේ. ඒ, මෙතෙක් එම තැන හිමි කර ගෙන සිටි රුසියාවට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමෙන් ය.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 698,817ක් වේ. රුසියාවෙන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 681,251ක් වේ. ඊයේ (05) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ප්‍රමාණය 23,932ක් වේ. මිය ගිය ප්‍රමාණය 421ක් වේ.
දැනට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත මරණ ප්‍රමාණය 19,700ක් වේ. වාර්තා වූ රෝගීන්ගෙන් 424,891ක් සුවය ලබා ඇත.
මේ අතර ලෝක ප්‍රසිද්ධ “ටාජ් මහල” අද (06) දිනයේදී යළි විවෘත කිරිමට නියමිතව තිබුණත් කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එම තීරණය අවලංගු කිරිමට ඉන්දීය රජය තිරණය කර තිබෙනවා.
