පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් මිලියනයක් බැගින් වූ පුද්ගලික ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද(06) නියෝග කරනු ලැබුවා.
අනතුරින් මියගොස් ඇත්තේ පානදුර උතුර ගොරකපොල ඥානසේන මාවතේ පදිංචිව සිටි 64 හැවිරිදි ටී. නෙවිල් පීරිස් නමැති බස් කොන්දොස්තර වෘත්තියේ නිරතව සිටි පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවී ආපසු එමින් සිටියදී අලූයම 5.15 ට පමණ කුසල් මෙන්ඩිස් පැදවූ වාහනය රිය අනතුරකට භාජනය වී තිබෙනවා. එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර පාපැදිකරු පානදුර දෙස සිට මොරටුව දෙසට ගමන් කරමින් සිටියදී හොරේතුඩුව අල් මද්රසාතුල් මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
සම්බන්ධිත පුවත්
