Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් තහනම් භාණ්ඩ බෝතලයක දමා වළ දමා තිබියදී හමු වෙයි

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී පොළව යට සඟවා තිබු ජංගම දුරකතන චාර්ජර් 14ක් සොයාගෙන තිබෙනවා. එම චාර්ජර් බෝතලයක අසුරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ C වාට්ටුවේ වළ දමා තිබියදී සොයාගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එම බන්ධනාගාරයේ වාට්ටු කිහිපයක සිදුකළ තවත් වැටලීමකදී ජංගම දුරකතන 12 ක් ද සොයාගෙන තිබෙනවා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිලධාරි කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම තහනම් භාණ්ඩ සොයාගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරයි.

මේ අතර බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ ඇතුළු වීම වැළැක්වීම සඳහා දෛනිකව සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව බන්ධනාගාර බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත උඩුවර පවසනවා.

Giraya News Alerts

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ නිලධාරීන්ගේ හිඟතාවයත් සමග මෙම කටයුතු අසීරු වී තිබුණත් ඉදිරියේදී නව බඳවා ගැනීම් සමග වැටලීම් වැඩි කරමින් තහනම් භාණඩ පාලනය උපරීම මට්ටමකට ගෙන ඒමට හැකියාවක් උදා වෙනු ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top