Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සමගි ජන බලවේගයේ අපේක්ෂක අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයෙකු වන අශෝක වඩිගමංගාව මහතා මියගොස් තිබේ.

වඩිගමංගාව මහතා ගමන් කළ මෝටර් රථය, ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

1952 ජනවාරි 07 උපත ලබා ඇති ඔහු මිය යනවිට 68 වන වියේ පසු විය. ඔහු වයඹ පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වේ. රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු වයඹ පළාත් සභාවේ අමාත්‍ය ධූර කිහිපයක්ම හොබවා තිබේ. වඩිගමංගාව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ.

Giraya News Alerts

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top