කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය (Duty Free Shops) හෙට(06) සිට යළි විවෘත වෙයි.
ඒ, මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා දිවයිනට පැමිණි ගුවන් මගීන් වෙනුවෙනි.
ඒ සඳහා පැමිණීමට පෙර ගුවන්තොටුපොළ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.
එලෙස පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේදී නිරෝධානය මධ්‍යස්ථානයෙන් ලබාදෙන සහතිකය සහ ස්වයං නිරෝධායනයට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබාදුන් සහතිකය ද ඉදිරිපත් කළ යුතු වන අතර ගුවන් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම ද අනිවාර්ය බව ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය.
ගුවන්තොටුපොළ තුළදී මුදල් හුවමාරු කරගැනීමට අවස්ථාවක් නොමැති බැවින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් රැගෙන එන්නැයි ද ඔහු දැනුම් දෙන්නේය.
එසේ නොමැති නම් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ මිලදී ගත හැකි බව ද ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය. පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘතව තැබේ.
සම්බන්ධිත පුවත්
