2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ, ඔහු අද (05) පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් ගයත්‍රි සයිලේෂන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබා දුන් නියෝගයට අනුවයි.
2018 වසරේ නොවැම්බර් මාසයේ දිනක එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපන් දිනය සැමරූ බව කියන අවස්ථාවේ එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයක් සඳහා ඔහු පෙනී නොසිට ඇත.
අදාළ නඩුව 2021 ජනවාරි 20 දින කැඳවන බවත් ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයාට අවවාද කර ඇප මත මුදා හැර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එම් කේ ශිවාජිලිංගම් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (05) පෙරවරුවේ යාපනයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදී වැල්වැටිතුරෙයි පොලිසිය විසින් ය.
ඔහු මෙවර මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින දේමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකි.
