Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සුවය ලැබූ ගණන 1900 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රමාණය අද (05) දිනයේ 1903 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (05) පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.

අද(05) දිනය තුළ දී මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති අතර ඊයේ (04) දිනයේ දී ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිස අතර, ඇමෙරිකාවේ සිට පැමිණ නිරෝධායනයට වෙමින් සිටි එක් පුද්ගලයෙක් ද, මැඩගස්කරය සිට පැමිණ නිරෝධායනයට වෙමින් සිටි පුද්ගලයෙක් ද, කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හා බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි එක් අයෙක් ද වේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2074 ක ප්‍රමාණයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 91%ක් ලෙස ද, සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 8%ක් ලෙස ද, ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.53%ක් ලෙස ද සටහන් වේ.

Giraya News Alerts

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එනම් මාස මැයි මාසයේ සහ ජුනි මාසයේ දී බාහිර සමාජයෙන් රෝගින් වාර්තා වී නොමැත.

දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 904 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 883 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 21කි.

වාර්තා වූ රෝගීන්ගෙන් 783 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි ලාංකිකයින් වේ. එම පුද්ගලයින් අතරින් 727 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 77 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 15 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 112,876 ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.

මේ මාසයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සහ වාර්තා වී ඇති රෝගීන් ගණන පහතින් දැක්වේ.

  • ජුලි 01 – 1,296 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 07
  • ජුලි 02 – 1,399 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • ජුලි 03 – 1,519 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
  • ජුලි 04 – 852 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 05

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (05) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 160 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 19ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 43 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 00 ක් ද,
  • ඉරණවිල රෝහලේ 08ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 39ක් ද,
  • හෝමාගම රෝහලේ 22ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 19ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 02ක් ද,
  • යුද හමුදා රෝහලේ 05ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින් 38ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top