Advertise with Giraya
NEWS

කොළඹ වැල්ලවත්ත ගින්නෙන් කඩ සාප්පු 6කට හා නිවාස 2කට හානි (ඡායාරූප)

Update at 6.08 PM

කොළඹ, වැල්ලවත්ත, ඩබ්.ඒ. සිල්වා මාවතේ රෙදි කඩ පෙළක ඇති වූ ගින්න හේතුවෙන් මේ වන විට ගාලු පාරේ කොළඹ දෙසට ගමන් ගන්නා මං තීරුව වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් මංසන්ධියෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව, කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලට සමුද්‍රාසන්න මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට, ගින්න පැතිර යාම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වේ.

Giraya News Alerts

______________________________________________________________________________

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි සාප්පුවක අද (05) පෙරවරු 11.45ට පමණ ගින්නක් ඇති වී තිබෙනවා. ගින්න හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකකට සහ කඩ සාප්පු 6කට හානි සිදු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට කොළඹ ගිනි නිවන ඒකකයේ හා ගුවන් හමුදා ගිනි නිවීමේ රථ 10 පමණ යොදා ගෙන ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු සිදු කරමින් සිටිය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top