Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

ජනපති හා අගමැති පක්ෂ දෙකක වුනොත් රට විනාශයි – හිටපු ජනපති කියයි

ජනාධිපතිවරයා හා අගමැතිවරයා පක්ෂ දෙකකින් පත් වුවහොත් රට විනාශයට පත් වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම, පසුගිය ආණ්ඩු සමයේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් නිර්මාණය වුවහොත් රට යළිත් අර්බුදයකට පත්වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පානදුර ප්‍රදේශයේ ඊයේ (4) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු, “ජනාධිපතිවරයා එක පක්ෂයකත් රටේ අගමැතිවරයා තවත් පක්ෂයකත් වුනොත් රට විනාශයි. රටේ ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය, දේශපාලන අර්බුදය මේ කියන කාරණා සියල්ලම බරපතල ලෙස උග්‍ර වෙලා මේ රට කඩා හැලෙනවා. මේ රට ගොඩ ගන්න බැරිව යනවා. මේ රටේ මුළු ඔක්කොම හිඟමනට පත් වෙනවා. මේ රට පාතාලෙට යනවා. මේ රට මංකොල්ලකාරයින්ට යනවා. මේ රට කුඩුකාරයින්ට යනවා.

Giraya News Alerts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ සහයෝගය දෙන්නේ ධනේෂ්වර ක්‍රමයට විරුද්ධව වගේම, වැරදි දේවල් වලට විරුද්ධව දේශප්‍රේමීත්වයෙන් කටයුතු කරන ආණ්ඩුවකට. ඒ නිසා තමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි සහයෝගය දෙන්නේ. ඉතාමත් යහපත් පොදු අරමුණකින්. ” යැයි පැවසුවේ ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top