පානදුර හොරේතුඩුව 13 කණුව ප්‍රදේශයේ අද (05) උදෑසන සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගමන් කළ මෝටර් රථයේ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ගැටී අනතුර සිදු වී තිබේ. අනතුරින් 64 හැවිරිදි එම පුද්ගලයා මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
