කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 883ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
ඊයේ (04) දිනයේ දී ද නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.
ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 21ක් පමණක් වේ.
