මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වළ දමා තිබූ එල්.ටී.ටී.ඊ.නිල ඇදුම්වලට හා එම සංවිධානයේ ලාංඡනයට සමාන ද්‍රව්‍ය රැසක් 3 දා මුලතිව් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගැන්වීමට ක්‍රියා කළ මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව මෙම ද්‍රව්‍ය සොයා ගත් බව ආරක්ෂක අංශ වාර්තා කරයි.
ආරක්ෂක අංශ වලට තොරතුරු හෙළි කළ පුද්ගලයා මේ ස්ථානයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු අවි ආයුධ රැසක් ඇති බවට තොරතුරු හෙළි කිරීමෙන් පසුව මුලතිව් පොලීසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයක් මත මේ ස්ථානයේ කැණීම් සිදු කරණු ලැබීය.
එම කැණීම් වලදී හමු වූ සියළු දේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භාවිත කරන ලද ද්‍රව්‍ය බවට පෙනී යන බව පවසන මුලතිව් පොලීසිය මේ ස්ථානයේ වල දමන ලද අවි ආයුධ වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබදව පරීක්ෂණ වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
