Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කරාපිටිය රෝහලට ඇතුළත් කළ සිංගප්පූරු ජාතිකයින් 09 දෙනාට කොරෝනා නැති බව තහවුරු වෙයි

චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරුවී ඇති බව වාර්තා වේ.

මෙම කුඩා නෞකාව සැමන් නිෂ්පාදනය කරන චීන සමාගමකට අයත් එකක් වන අතර එහි 30 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසක් සිට ඇත. එම පිරිසෙන් සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක් නිසා නැව මුහුදේ නවතාගෙන සිටිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල වරාය වෙත ගෙනැවිත් එම 9 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ට උණ සෑදී ඇත්තේ, ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් බව අනාවරණය වී ඇත.

Giraya News Alerts

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top