Advertise with Giraya
POLITICS

මෙරට ආණ්ඩු හදන්නේ ජනතාව නොව තානාපති කාර්යාලයි – අනුර කුමාර දිසානායක

මෙරට බිහිවූ බොහෝ ආණ්ඩු නිර්මාණය කරන්නේ ජනතාව විසින් නොව තානාපති කාර්යාල මඟින් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (3) පැවති ජනහමුවක් අමතමින්ය.

එහිදී ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් “ඇත්තටම මේ ආණ්ඩු හදන්නේ අපිද? රටේ ජනතාව ඡන්දෙ දෙනවා තමයි. හැබැයි අපේ රටේ ගොඩාක් ආණ්ඩු හදන්න නායකයෝ තෝරන්න, ආණ්ඩු හදන්නේ ඉන්දියානු තානාපති කාර්යාලයයි ඇමරිකානු තානාපති කාර්යාලයයි.

දැන් බලන්න, ගියවර ජනාධිපතිවරණයේ දී සාකච්ඡාවට බදුන් වුන ප්‍රධානතම කරුණු දෙක මොක්ද්ද? එකක් පාස්කු ප්‍රහාරය. දෙවැනි එක, ජනාධිපති ඡන්දෙ ඔන්න මෙන්න තියාගෙන ඊළඟ ප්‍රහාරයක් ආවා මොකද්ද එම්.සී.සී.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර කිව්වා මේ එම්.සී.සී පරාජය කරන්න ඒගොල්ලන්ට ඡන්දය දෙන්න කියලා. දැන් එම්.සී.සී. ඉවරද? එම්.සී.සී. ඉවර නැහැ. එහෙනම් ජනතාව ඡන්දය දෙනවා ඇමරිකන් එක්සත් ජනපදයත් එක්ක තියෙන මේ අහිතකර ගිවිසුම නතර කරන්න කියලා. හැබැයි, බලය ගත්තු පාලකයා ඒක නතර කරන්නේ නැහැ.

නොවැම්බර් මාසේ බලය අරගෙන ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරා ගිවිසුම අධ්‍යයනය කරන්න ඕනේ කියලා. කමිටුවක් පත් කළා. ඊළඟට එක්සත් ජනපද තානාපති කාර්යාලය කිව්වා අපි අලුත් ආණ්ඩුවට මේක අධ්‍යනය කරන්න මාස 6ක් දෙනවා කියලා. ටෙලිපති තියනවා ද? මෙයා හිතනකොට අරයට හිතෙන්නේ? කතාවෙලා.

නොවැම්බර් මාසේ ඉඳන් මාස 6 තියෙන්නේ මැයි මාසේ. කොරෝනා තත්ත්වය නිසා ඡන්දය තියාගන්න බැරි උනා. ඡන්දය ගියා අගෝස්තු වලට. දැන් ඇමරිකන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අලුත් ආණ්ඩුවට අගෝස්තු වෙනකන් දෙනවා කියලා කාලය. ඒ මොකක් වෙනකන්ද? ඡන්දය පහුවෙනකන්.

ඉතින් කවුරු හදපු ආණ්ඩුද මෙව්වා. ජනතාව නම් ආණ්ඩුව හැදුවේ එම්.සී.සී, එයාලාගේ වචන වලින් කියනවා නම් ඉරා දමන්න ඕන කියලා. හැබැයි, එම්.සී.සී. පස්සට ගන්නවා, කවදා වෙනකන්ද? එළඹෙන අගෝස්තු වෙනකන්” යැයි පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top