Advertise with Giraya
POLITICS

මහින්දානන්දට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – විජිත හේරත්

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ යැයි චෝදනා එල්ල කළ එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එම චෝදනාව සම්බන්ධයෙන් ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ පරීක්‍ෂණ අවසන් කර තිබෙන්නේ ඒවා පාවා දීමක් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව දක්වමින් බවත් ඔහු පවසයි.

එසේ නම් එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද මහතා හිතා මතා සාවද්‍ය චෝදනාවන් එල්ලකර ඇති බව කී විජිත හේරත් මහතා එමඟින් සිදුවූයේ රටට ඉමහත් කීර්තියක් අත්කර දුන් විශිෂ්ට ක‍්‍රීඩකයන්ගේ චරිතයට කළු පැල්ලමක් එක්වීමක් පමණක් යැයිද කියා සිටියි.

Giraya News Alerts

එම තරගය යම් හෙයකින් හෝ පාවාදීමක් සිදුව ඇත්නම් ඊට වගකිවයුතු වන්නේ එවක ක‍්‍රීඩා ඇමැති ලෙස ක‍්‍රියා කළ මහින්දානන්ද අලූත්ගමගේ මහතා බවත් එයින් ඔහුට ගැලවීමක් නොමැති බවත් හේරත් මහතා සඳහන් කරයි.

වසර ගණනාවක් ගතව ඇති තත්ත්වයක් තුළ ඔහු මෙවැනි චෝදනාව එල්ල කළේ දේශපාලන අරමුණක් වෙනුවෙන් බවත් ඔහු පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top