තමන් යාපනයේ ජනහමු රැසකට සහභාගී වූ නමුත් යාපනයේ ජනතාව සිටින්නේ එතරම් සතුටකින් නොවන බව තමන්ට පෙනී යන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. එමෙන්ම, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදී ගිය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.
ඔහු මේ බව පැවසුවේ, මෙවර පැවත්වෙන මහමැතිවරණය වෙනුවෙන් යාපනයේ මැතිවරණ අපේක්ෂකයින් දිරිගැන්වීම හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යාපනයේ සංචාරයක ඊයේ (02) දින නිරත වූ අවස්ථාවේදී යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හා ජනහමුවක් අතරතුරදීය.
යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ අදහස් පළ කලා,
‘‘මගේ අදහස තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදුනු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්න ඕන කියන එක. මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුනු පලාත් සභා හරහා ලබා දෙන සේවාව මීට වැඩිය කාර්යක්ෂමව ලබාදීම සඳහා උපකාරවන සියල්ලක්ම අපි ලබා දෙනවා.
ඒ වගේම තරයේ විශ්වාස කරනවා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13වන සංසෝධනය අපි ඒ විදහටම තියන්න ඕන එකේ වෙනසක් කරනවට මම කැමති නැහැ.
ඊට අමතරව ග්‍රාම රාජ්,ය නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම උතුරු පලාත් ප්‍රමුඛ කරමින් අපි සංවර්ධන කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කරලා පස්වෙනිදයින් පසුව උතුරු පලාතේ වගේම සියලුම පළාත් වල සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට මම නායකත්වය ලබා දෙනවා.
මම යාපනයේ දිස්ත්‍රීක්කයේ ජනහමු රැසකට සහභාගී වුනා, මට පේන විදිහට ජනතාව ඉන්නේ එතරම් සතුටකින් නෙමෙයි. ඉන්නේ මූණු දැකපුවහම. මම හිතන්නේ මීට වඩා වැඩි සතුටක් ජනතාවඅතර ඇති කරන්න ඕන.
ඒ නිසා 05 වැනිදගෙන් පසුව මේ රටේ සමගි ජන බලවේග ආණ්ඩුව බිහිකරන කොට ඔබලාට තෘප්තිමත් සතුටු සම්පන්න ජීවිතයක් අපි අනිවාර්යෙන්ම උදාකරන බවට කියන්න කැමතියි.’
