කොළඹ – 13, ජින්තුපිටිය ප්‍රදේශයේ නිවාස නිරෝධායනයේ යෙදි සිටියදී කෝවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වූ රෝගියා ඊයේ (02) දිනයේ දී රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
එමෙන්ම, එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර සිටිති.
ඒ අනුව, මෙම රෝගියාගෙන් කොවිඩ් – 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
සම්බන්ධීත පුවත්
