2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අද(03) පෙරවරුවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02) ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය දන්වා තිබූණි.
නමුත්, ජුලි 03 වන දිනයේ දී ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට දන්වා තිබුණි. ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කර ඇති බව ද දන්වා ඇත.
කෙසේ වුවත්, ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකර තිබූ කැඳවීම අනුව අද පෙරවරු 9ට පමණ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබූ අතර එම අවස්ථාවේ මහේල ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන්ට ඊයේ රාත්‍රී 11.30ට පමණ අද දින නොපැමිණෙන ලෙස දන්වා තිබුණු බවයි. නමුත් අද උදෑසන සමහර මාධ්‍යයන්වල තමන් පුද්ගලික හේතුන් මත මෙම පරීක්ෂණ සඳහා සහයෝගය ලබා නොදෙන බව පුවත් වාර්තා පළ වී තිබූ බවත් තමන් මේ සඳහා සහයෝගය පළ කරමින් අද මෙහි පැමිණි බවත් තමන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බවත් පැවසුවේ ය.
එම වීඩියෝව පහතින්.
නමුත් මෙය වරදවා වටහාගෙන් මහේල ජයවර්ධන රස්තියාදු කිරිම පිළිබඳව ද සමාජජාලාවන්හි දැනටමත් විරෝධතා මතු වී ඇත.
එසේම, පසුගිය දින කිහිපය තුළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයින් හා පරිපාලකයින් කිහිප දෙනෙකුම මෙම පරීක්ෂණය සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබූ අතර ක්‍රීඩකයින් එලෙස කැඳවීම සම්බන්ධයෙන් සමාජය තුළින් විරෝධතාවයක් මතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ ක්‍රීඩකයින් පොලීසිය වෙත කැඳවීම තමන් ද අනුමත නොකරන බවයි. ඔහු සඳහන් කළේ ක්‍රිකට් වැරදි සෙවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවක් ඇති බවත් වරදක් සිදු වී ඇත්නම් හෝ එවැනි සැකයක් ඇත්නම් එවැනි ආයතනයක් මගින් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.
