Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

පොහොට්ටුවේ ප්‍රචාරණ රැළි ජනපති ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අද (03) ඇරැඹේ. මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන ජනහමු මාලාවකට ජනාධිපතිවරයා අද සහභාගී වීමට නියමිතය.

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා වෙනුවෙන් තලාව තම්මැන්නාව නිදහස් උයන අසල දී උදෑසන 10.00ට ජනහමුවක් පැවැත්වෙන අතර හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් උදෑසන 11.15ට කලාවැව වැව් තාවුල්ල අසළ දී ජනහමුවක් පැවැත්වේ.

අපේක්ෂක වීරසේන ගමගේ මහතා‍ වෙනුවෙන් දහවල් 12.00ට කැකිරාව නගරය ආසන්නයේ කුඹුක් සෙවණ අසළ දී, ටී. එම්. ආර් සිරිපාල මහතා වෙනුවෙන් දහවල් 12.55ට ගල්කුලම මංසන්ධියේ දී, වීරකුමාර දිසානායක මහතා වෙනුවෙන් පස්වරු 2.50ට කටහගස්දිගිලිය තානායම අසල දී ජනහමු පැවැත්වේ.

Giraya News Alerts

එස්. සී මුතුකුමාරණ මහතා වෙනුවෙන් පස්වරු 3.40ට හොරොව්පතාන සෙනසුරාදා පොළ භූමියේ දී, තිස්ස කරලියැද්ද මහතා වෙනුවෙන් පස්වරු 4.35ට කැබිතිගොල්ලෑව නාගරික උද්‍යානය අසළ දී, එච්. නන්දසේන මහතා වෙනුවෙන් පස්වරු 5.20ට මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ දී ජනහමු පැවැත්වේ.

සරත් කුමාරසිරි මහතා වෙනුවෙන් පස්වරු 6.05ට තොලුවිල පුරාවිද්‍යා රක්ෂිතය අසළ දී, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පස්වරු 6.30ට, අනුරාධපුර රෝහල පාර බැංකු හංදිය අසළ දී, උද්දික ප්‍රේමරත්න මහතා වෙනුවෙන් පස්වරු 7.05ට කඩ පනහ වාහන නැවතුම අසළ දී, හිටපු රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා වෙනුවෙන් පස්වරු 7.30ට කූඹිච්චන්කුලම වැව අසළ දී ද ජනහමු පැවැත්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top