Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු

සේවා අවශ්‍යතාවය මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකඟතාවය මත නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.සි මැදවත්ත මහතා සුභසාධක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

එම කාර්යයංශයේ රාජකාරි ඉටුකිරිම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ අපොන්සු මහතා පත්කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Giraya News Alerts

බස්නාහිර උතුරු දිසාව බාර නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කටයුතු සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස් . පි රණසිංහ මහතා පත්කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධිසේවාවේ නියොජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති යු.කේ මාරඹගේ මහතා පත් කර ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top