ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්.
2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා.
ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙනත් වර්ගීකරණයන්ට ලක්වන රටවල් 10 ක අතර ශ්‍රී ලංකාවද ඇතුලත් වනු ලබනවා. පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුලත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.
