Advertise with Giraya
NEWS

අද දිනයේ දී ආසාදිතයින් 12ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව අද (02) පස්වරු 6.30 වන විට 2066 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා. ඒ, තවත් රෝගීන් 12 දෙනෙකු අද දිනයේ දී වාර්තා වීමත් සමඟයි.

එම ‌12 දෙනා අතරට පස් දෙනෙකු කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ ද, ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුුදු ආරක්ෂකයෙකු ද, ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් ද, කටාර්හි සිට පැමිණි පස් දෙනෙක් ද වේ.

එමෙන්ම, අද (01) දිනයේ දී තවත් රෝගීන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ රෝගින්ගෙන් 1827 දෙනෙක්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 228ක් වේ. ජීවිතක්ෂයට පත් වූ රෝගින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top