Advertise with Giraya
NEWS

ජින්තුපිටියෙන් වාර්තා වූ ආසාදිතයා බාහිර සමාජයෙන් වාර්තා වූ රෝගියෙකු නොවන බව රජය නිවේදනය කරයි

මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇති රෝගියා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඔහු පසුගිය දින 14 තුළදී අනිවාර්ය නිරෝධායනයට ලක් කර ඇති අතර එම නිරෝධායනය අවසානයේ දි සිදු කරන ලද පී.සී. ආර් පරීක්ෂණයෙන් ඔහු කෝවිඩ් – 19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත. ඉන්පසුව කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දින 14ක නිවාස නිරෝධායන ක්‍රියාවලියකට යටත් කර ඇති අතර එම නිරෝධායන කාලය තුළ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදි ඔහු කෝවිඩ් – 19 ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත

ඒ අනුව, මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළ හඳුනාගත් රෝගියෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

Giraya News Alerts

මෙම තත්ත්වය යටතේ ගත යුතු සියලුම ආරක්ෂක පියවර අදාළ අංශ විසින් ගනු ලබන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top