ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රමාණය අද (02) දිනයේ 1827 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (02) පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
ගත වූ පැය 24 තුළ දී රෝගීන් හත්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන්,
- ඉන්දියාවේ සිට පැමිණි 1ක්,
- ඩුබායි සිට පැමිණි 1ක්,
- බංග්ලාදේශයේ සිට පැමිණි 4ක් (පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය 2යි, තවත් නිරෝධායනයට ලක්වෙමින් සිටින 2යි),
- එක්සත් රාජධානියේ සිට පැමිණි 1 ක් (පුනානී නිරෝධායන මධ්‍යස්ථානය) ලෙස වාර්තා වී ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2054 ක ප්‍රමාණයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 88%ක් ලෙස ද, සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 10%ක් ලෙස ද, ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.53%ක් ලෙස ද සටහන් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එනම් මාස මැයි මාසයේ සහ ජුනි මාසයේ දී බාහිර සමාජයෙන් රෝගින් වාර්තා වී නොමැත.
දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 904 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 848 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 56කි.
වාර්තා වූ රෝගීන්ගෙන් 763 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි ලාංකිකයින් වේ. එම පුද්ගලයින් අතරින් 714 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 77 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 15 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 109,106 ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.
මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (02) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 216 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 26ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 73 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 03 ක් ද,
- ඉරණවිල රෝහලේ 12ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 31ක් ද,
- හෝමාගම රෝහලේ 22ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 23ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 00ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 15ක් ද,
- යුද හමුදා රෝහලේ 08ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 58ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
