Advertise with Giraya
POLITICS

විහිළුකාරයෝ බලයට ඇවිත් රටම කෑවා – ප්‍රසන්න රණතුංග

විහිළුකාරයෝ පිරිසක් බලයට විත් මුළු රටම අරාජික කළ බව පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග පවසනවා. ඔහු මේ බව පැවසුවේ මහමැතිවරණය සඳහා වූ ජනහමුවක් අමතමින් ය.

එහිදී අදහස් දක්වමින් ඔහු, “රටේ විහිළුකාරයින්ට රටේ නායකත්වය භාර දුන්නම රටම කෑවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉඳන් කියනවා තමන්ගේ පක්ෂයේ ගොඩ වැඩි කරගන්න සජිත්ගේ පැත්තේ ඉන්නේ මහ බැංකුව හොරකම් කරපු මිනිස්සුන්ගේ සල්ලි හූරා කාපු උන් කියලා ප්‍රසිද්ධියේ කියනවා.

මේ පැත්තෙන් සජිත් මහත්තයා ඉඳගෙන එයා රනිල්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියනවා ඒ පැත්තේ ඉන්නේ මහ බැංකුව හොරකම් කරපු මිනිස්සුන්ගේ සල්ලි හූරා කාපු අය කියලා. මොකද්ද අපි තේරුම් ගන්න ඕන. උන් දෙගොල්ලොම හොරු.” යැයි පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top