Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

මනාපවලට කුලල් කා ගත්තොත් ඒකෙ පාඩුව ජනාධිපති ගෝඨාභයටයි – මහින්ද අමරවීර

මනාප වලට පොරකෑමෙන් පාඩුව සිදු වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මනාප වලට කුලල් කා ගැනීමෙන් ජනාධිපතිවරයාට තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේ අවස්ථාව ගිලිහෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම, මනාප ලබා ගැනීමේ දී අමනාපකම් සිදු වෙන බවත් එවැනි දේවල්වලින් රටටත් හොඳක් සිදු නොවන බවත් මහින්ද අමරවීර සදහන් කරයි.

එබැවින්, එකිනෙකාට මඩ ගසාගෙන චරිත ඝාතනය නොකර, රණ්ඩු සරුවල් නොවී තමන් කරපු වැඩත්, කරන වැඩත් සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩ පිළිබඳවත් සඳහන් කිරීම ප්‍රමාණවත් බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

Giraya News Alerts

ඔහු මෙම අදහස් පළ කළේ මහමැතිවරණය සඳහා වූ ජන හමුවක තම අදහස් පළ කරමින් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top