උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් සිදු වී ඇති බවත් මඩ සහිත පස් අතර තවත් 200ක් පමණ පිරිස සිරවී ඇති බවත් මියන්මාරයේ ගිනි නිවන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. සිරවී සිටින කම්කරුවන් සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
