ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් දූෂණ පටන් ගත්තේ 2008 අවුරුද්දේ සිට බවත් ඉදිරියේදී පාසල් කි‍්‍රකට් පවා දූෂණයට යටවිය හැකි බවත් හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
2008 වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එංගලන්තයේ ලෝඞ්ස් පිටියේ තරඟ කිහිපයකට ආරාධනා ලැබ සිටිය දී එවක සිටි කී‍්‍රඩකයින් කිහිප දෙනකුට පෞද්ගලික තරඟ සඳහා අවස්ථාවක් ලබා දීමක් සිදු වූ බවත් එදින සිට ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව දූෂණය වීම ආරම්භ වූ බවත් අර්ජුන රණතුංග මහතා ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
2008 වසරේ ලෝඞ්ස් පිටියේ තරගවලට සහභාගි නොවී වෙනත් රටක පවත්වන තරඟ කිහිපයකට කී‍්‍රඩකයින් සහභාගී වීමට තමන් විරෝධය දක්වීමේදී එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කී‍්‍රඩා ඇමැතිව සිටි ගාමිණි ලොකුගේ මහතා අවසර ලබා දුන් බවත් එදින තමා ඉතාම කණගාටුවට පත් වූ බවත් අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.
2011 ලෝක කුසලාන අවසන් තරඟය පරාජයට පත්වීම දූෂණ කි්රයාවක් ලෙස හිටපු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප්‍රකාශ කරන ආකාරයට සිදුවී ඇත්නම් එයට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත් කී රණතුංග මහතා 2011 ලෝක කුසලාන තරග පාවාදීමක් සිදුවූවානම් හිටපු කී‍්‍රඩා ඇමැතිවරයා එම වකවානුවේම පියවරක් නොගෙන දැන් ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම තමන්ට ගැටළුවක් බවද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා කි‍්‍රකට් සඳහා මෙවැනි තත්ත්වයක් උදාවීම කණගාටුදායක බවත් කි‍්‍රකට් කී‍්‍රඩාවත් පත්තරවල සූදුවක් බවට පත්කළ පිරිස් මේවාට වගකිව යුතු බවත් කියා සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා ඇවන්ගාඞ් වැනි කි‍්‍රයාකලාපයන් සොයා බැලීම සඳහා පත්කළ තිබෙන කමිටුවලට වඩා කි‍්‍රකට් කී‍්‍රඩාවට සිදුවී තිබෙන දේ ගැන සෙවීමට කොමිසමක් පත්කර හැකිනම් එය වඩාත් රටට සිදුසු බවද හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
