නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ් – 19 දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, කොවිඩ් – 19 වෛරසය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
බොහෝ විදේශීය රටවල රෝගී තත්ත්වය පාලනය වීමත් සමඟ පනවා තිබු පාලන නීති රීති ලිහිල් කිරීමක් සිදුකළ බවත් එම නිසා අදාළ රටවල් තුළ කොවිඩ් – 19 දෙවැනි රැල්ලක් ඇති වු බව ද වෛද්‍යවරයා පෙන්වා දුනි.
එසේම, මෙරට තුළ ද පනවා තිබු සීමාවන් මේ වන විට ලිහිල් කර ඇති බැවින් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේද කොවිඩ් – 19 දෙවැනි රැල්ලක් ඇති විය හැකි බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.
එම නිසා මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෙ අත් සබන් යොදා සේදීම අනිවාර්යයයෙන් සිදුකළ යුතු බව අවධාරණය කළේය.
