Advertise with Giraya
NEWS

ඉන්දියාවේ චෙන්නායි සිට තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01 ) සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1026 දරන විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද 1 දින සවස 5.00 ට මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ ද සිදු කරනු ලැබීය .

Giraya News Alerts

ඊට අමතරව, මාලදිවයිනේ මාලේ නුවර සිට අද (01) දින දහවල් 10.10ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top