Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ICC නිලවරණයට සංගක්කාරට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ – තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය තෝරන නිලවරණයට මෙවර ඉදිරිපත් වීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාවට සහභාගි නොවූ අයෙකුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවද ඔහු පැවසීය. එම නිසා එළඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිලවරණය සඳහා කුමාර් සංගක්කාරට ඉදිරිපත් වීමේ හැකියාවක් තමන් දන්නා නීතිය අනුව නම් නැති බවද ඔහු පැවසීය.

කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි හොඳ තානාපති කෙනෙක් බවත් ඔහුට ඒ සඳහා සුදුසුකම් ඇති බවත් පැවසූ ඔහු තමන් සංගක්කාර ඉතාමත් ආදරය කරන බවත් ඔහු ඉතාම හොඳ කෙනෙක් බවත් කියා සිටියේය.

Giraya News Alerts

සුමතිපාල මහතා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top